Friday, November 4, 2016

2016 වසරේ ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම්

ජනවාරි
·         ජනවාරි 03 – ෂියා ෂෙයික්වරයෙකු වූ නිම්ර් අල් නිම්ර් රාජ ද්‍රෝහී වරදට ඝාතනය කිරීම නිසා ඉරානය සෞදි අරාබිය සමඟ තිබූ තමන්ගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත් හිටුවයි.
·         ජනවාරි 08 – සිර භාරයෙන් පලා ගිය ලොව වඩාත්ම බල සම්පන්න මත්ද්‍රව්‍ය ජාවාරම් කරු ලෙස සැලකෙන ජොක්වින් ගුස්මාන් නැවතත් අත්අඩංගුවට ගැනේ.
·         ජනවාරි 16 – ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන් ක්‍රමානුකූලව අත්හිටුවන බවට අන්තර්ජාතික න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය විසින් දැනුම්දීමෙන් අනතුරුව පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියා කරයි.
·         ජනවාරි 28 – ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිකා (zika) වෛරසයේ පැතිරීම පිලිබඳ මුල් වරට නිවේදනය කරයි. (Zika වෛරසය ගැන තොරතුරු මෙතැනින්)

පෙබරවාරි
·         පෙබරවාරි 07 – එක්සත් ජාතීන්ගේ සම්මතයන් උල්ලංඝනය කරමින් ලෝක විරෝධතා මධ්‍යයේ දිගු දුර න්‍යෂ්ටික මිසයිලයක් ගුවන්ගත කිරීමට උතුරු කොරියාව ක්‍රියා කරයි.
·         පෙබරවාරි 12 – කතෝලික පල්ලියේ ප්‍රධානී ෆ්‍රැන්සිස් පාප්තුමා සහ ඕර්තඩොක්ස් පල්ලියේ ප්‍රධාන පීතෲ කිරිල් පියතුමා එම පල්ලි දෙකෙහි ප්‍රධානීන් අතර ඓතිහාසික පළමු හමුවීම සනිටුහන් කරමින් ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කරයි.

මාර්තු
·         මාර්තු 13 – තුර්කියේ අන්කාරා නගරයේ සිදු වූ කාර් බෝම්බ පිපිරීමකින් 32ක් මියයයි.
·         මාර්තු 14 – යුරෝපානු අභ්‍යවකාශ ඒජන්සිය සහ රුසියානු අභ්‍යවකාශ වැඩසටහන (Roscosmos State Corporation for Space Activities) ඒකාබද්ධව අඟහරු ගවේෂණය සඳහා ව්‍යාපෘතියක් (ExoMars Trace Gas Orbiter (TGO))දියත් කරයි
·         මාර්තු 21 – අන්තර්ජාතික අපරාධ අධිකරණය විසින් හිටපු කොංගෝ නායක ජීන් පියරේ බෙම්බා යුධ අපරාධකරුවෙකු බවට තීන්දු කරයි. මෙය අන්තර්ජාතික අපරාධ අධිකරණය ලිංගික හිංසනය සම්බන්ධයෙන් එවන් තීන්දුවක් ලබා දුන් ප්‍රථම වතාවයි.
·         මාර්තු 22 – ISIS සංවිධානය විසින් එල්ල කළ බෝම්බ ප්‍රහාර 3ක් හේතුවෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර 32ක් මියගොස් 250කත අධික පිරිසක් තුවාල ලබයි.
·         මාර්තු 24 – බොස්නියානු යුද්ධයේදී සිදුවූ බව කියන මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සහ සමූල ඝාතනය කිරීම් සඳහා වැරදිකරු වූ හිටපු බොස්නියානු නායක රොඩවන් කැරැඩ්සික්ට 40 වසරක සිර දඬුවම් නියම වෙයි.
·         මාර්තු 27 – පාකිස්ථානයේ ලාහෝර් නුවර ගුල්ෂාන් ඊ ඉක්බාල් උද්‍යානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් 70 දෙනෙකු මියගොස් 300 දෙනෙකු පමණ තුවාල ලබයි. මෙය පාස්කු උත්සවය සමරමින් සිටි කතෝලික බැතිමතුන් ඉලක්ක කර සිදු වූවකි.

අප්‍රේල් 
·         අප්‍රේල් 02 – ආමේනියානු සහ අසර්බයිජාන හමුදාවන් අතර නොබොර්නෝ කරබාක් හි සිදුවූ ගැටුම්වලින් සිවිල් වැසියන් 193 දෙනෙකු පමණ මිය යයි. මෙය 1994 දී ඇති කරගත් සාම ගිවිසුමට එල්ල වූ බරපතලම ප්‍රහාරය ලෙස සැලකේ.
·         අප්‍රේල් 03 – අන්තර්ජාතික ගවේෂණශීලී මාධ්‍යවේදීන්ගේ සංවිධානය සහ ජර්මනියේ Süddeutsche Zeitung (SZ)පුවත්පත එක්ව පැනමා රාජ්‍යයේ ක්‍රියාත්මක වන මොසැක් ෆොන්සේකා නීතිඥ ආයතනය සතු රහසිගත ලේඛන මිලියන 11.5 ක් පමණ හෙළිදරව් කරනු ලබයි. (පැනමා පත්‍රිකා පිලිබඳ මෙතනින් කියවන්න)




0 comments:

Post a Comment

Think !

Life is cruel, sometimes you have a hard setback, injustices cannot happen. Don't lose faith..

Categories

ජය වේවා. Powered by Blogger.
Follow us on Facebook
Powered by: Internetsmash

Facebook

Popular Posts