Friday, November 4, 2016

ජනවාරි
ජනවාරි 01 –
 o රුසියාව, බෙලාරස්, ආර්මේනියාව, කිර්ගිස්තානය සහ කසකස්තානයේ එකමුතුවෙන් යුරේශියානු ආර්ථික සංගමයපිහිටුවයි.
 o ලිතුවේනියාව නිල වශයෙන් සිය මුදල් ඒකකය ලෙස යුරෝ පිළිගනියි. ඊට පෙර ඔවුන් විසින් භාවිතා කළ මුදල් ඒකකය වූවේ ලිටාස් වන අතර යුරෝ කලාපයට ඇතුළු වූ 19 වන රට වන්නේ ලිතුවේනියාවයි.

ජනවාරි 03 – 07
 o බෝකෝ හරාම් ත්‍රස්ත සංවිධානය විසින් බාගා හා නයිජීරියාවේ ගම්වල සිදු කළ සමූල ඝාතන හේතුවෙන් 2000කට අධික පිරිසක් මියයයි.

ජනවාරි 15 – 
ස්විට්සර්ලන්ත ජාතික බැංකුව ස්විස් ෆ්‍රෑන්ක් එකක අගය යුරෝ ඒකකයකට සාපේක්ෂව අවප්‍රමාණ වීමට සලස්වයි. මෙම තීරණය ගෝලීය මූල්‍ය අර්බුධයකට ද හේතු විය.

ජනවාරි 22 – ‘හවුතිහමුදාව විසින් ජනපති මැදුර අල්ලාගැනීමෙන් පසුව යෙමානි ජනපති අබ් රබුහ් මන්සුර් හදි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි.
________________________________________
පෙබරවාරි
 පෙබරවාරි 12
ඇමරිකානු ආරක්ෂක කවුන්සලය ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා Resolution 2199 සම්මත කළ ගනියි.
රුසියාව, ප්‍රංශය, ජර්මනිය හා යුක්රේනය නැගෙනහිර යුක්රේනයේ ගැටුම් සමනය කිරීම පිණිස ගිවිසුමකට එළඹෙයි. මේ ගිව්සුම පසුව අසාර්ථක වූ අතර ප්‍රහාර එල්ල කිරීම් නොනවත්වා සිදු විය.

පෙබරවාරි 16 – ඊජිප්තු ජාතික ක්‍රිස්තියානුවන් පිරිසක් ගෙල සිඳ ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කොට ගනිමින් ඊජිප්තුව හා ලිබියාව එක්ව ISIL (Islamic State of Iraq and the Levant) සංවිධානයට  එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අරඹයි.
________________________________________
මාර්තු

 මාර්තු 5 -8
o  Islamic State of Iraq and the Levant සංවිධානය විසින් ඉරාකයේ පිහිටා තිබූ අති පැරණි නගර වන නිමරුඩ්, හත්‍රා හා දර්-ශරුකින් විනාශ කර දමයි.

මාර්තු මාර්තු 06 –
  නාසා ආයතනය මගින් දියත් කළ අභ්‍යවකාශ යානයක් ප්‍රථම වරට විශාල අභ්වයකාශ වස්තුවක (dwarf planet – ග්‍රහලොවක් නොවන එමෙන්ම ස්වාභාවික චන්ද්‍රිකාවක්ද නොවන) කක්ෂයට ඇතුළු වෙයි.

මාර්තු 12 – 
Islamic State of Iraq and the Levant හා බෝකෝ හරාම් ත්‍රස්තවාදී සංවිධාන එක්වෙයි.

මාර්තු 24 – ජර්මනියට අයිති එයා බස් A320 -211 යානයක් ප්‍රංශයේ ඇල්ප්ස් කඳුවැටියේ ගැටීමෙන් පුද්ගලයන් 150 ක් මියයයි.

මාර්තු 25 – සෞදි අරාබිය මූලික කොටගත් එම කලාපයේ හමුදා යේමනයේ හමුදා මැදිහත්වීමක් සිදුකරයි.
________________________________________
අප්‍රේල්

 අප්‍රේල් 02 –
  අල් ශබාබ් ත්‍රස්තවාදී සංවිධානය විසින් කරන ලද වෙඩි තැබීමකින් කෙන්යාවේ ගරීසා විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් බහුතරයක් ඇතුළු 148 දෙනෙකු මියයයි.

අප්‍රේල් 25 – 
නේපාලයේ සිදුවූ රිච්ටර් අගය 7.8 වූ භූමිකම්පාවක් නිසා නේපාල වැසියන් 8857ක් මියයයි. සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 9018කි.

අප්‍රේල් 29 –
  ඇමරිකානු කලාපයෙන් රුබෙල්ලා රෝගය තුරන් කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.
________________________________________
මැයි

මැයි 01 – ඔක්තෝබර් 34
එක්ස්පෝ 2015 සමුළුව ඉතාලියේ මිලානෝ හිදී ඇරඹෙයි.

 මැයි 12 – 
නේපාලයේ දෙවෙනි වරටත් රිච්ටර් අගය 7.3 කැ භූමි කම්පාවක් ඇතිවෙයි. මෙහිදී නේපාල වැසියන් ඇතුළුව පුද්ගලයන් 218ක් මියයන ලදී.

මැයි 23 – අයර්ලන්තය තුල සමලිංගික විවාහ නීතිගත කෙරේ. මහජන ඡන්දයෙන් සමලිංගික විවාහ නීතිගත කිරීමට එකඟවූ ලොව ප්‍රථම රට වන්නේ අයර්ලන්තයයි.
________________________________________
ජුනි

 ජුනි 02 – දූෂණ චෝදනා නිසා අන්තර්ජාතික පාපන්දු කවුන්සිලයේ සභාපති සෙප් බ්ලැටර් එම ධුරයෙන් ඉල්ලා අස්වෙයි.

ජුනි 7 -8
41 වෙනි G7 සමුළුව බවාරියා හිදී ඇරඹෙයි.

 ජුනි 25 -26
 ISLS සංවිධානය රාමදාන් සාමය තුළ සිරියාවේ කෝබානි, ටියුනිසියාවේ හා ක්වේට්වල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරවල වගකීම බාරගනී. මෙම ප්‍රහාර නිසා 300කට අධික සාමාන්‍ය වැසියන් ප්‍රමාණයක් මියගොස් ඇත.

ජුනි 30
මවගෙන් ළදරුවාට ඒඩ්ස් රෝගය හා සිෆිලිස් රෝගය සම්ප්‍රේෂණය වීම වැලක්වීමට හැකිවූ ලොව ප්‍රථම රට බවට කියුබාව පත්වෙයි.
ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් යානයක් කඩාවැටීම නිසා දකුණු සුමාත්‍රා අගනගරයේ වැසියන් 143ක් මියයයි.

ජුලි
• ජුලි 01 – ග්‍රීක ණය අර්බුධය ; ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වසර 71 ක ඉතිහාසය තුළ ලොව දියුණු ආර්ථිකයකට සිය IMF ණය වාරික ගෙවීමට නොහැකි වෙයි.

ජුලි 14
o  නාසා ආයතනයේ New Horizon අභ්‍යවකාශ යානය ප්ලූටෝ ග්‍රහයා ආසන්නයටම යාමට සමත් වෙයි. මෙය පෘථිවියට ඉතා ඈතින් පිහිටි ග්‍රහලොවක් වෙත ලංවූ ප්‍රථම යානයයි.
පනවා ඇති සම්බාධක ඉවත් කිරීමේ  යෝජනාව මත දිගු කාලීනව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් අවම කිරීමට ඉරානය එකඟ වෙයි.

• ජුලි 20 – 
වසර 54කට පසු කියුබාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා  ඇතිවෙයි.

• ජුලි 24 – 
තුර්කිය කුර්දිස්තාන් ජනතා පක්ෂයට හා ISIS  සංවිධානයට එරෙහිව ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම අරඹයි.
________________________________________
අගෝස්තු
• අගෝස්තු 05 – Reunion දූපතේ තිබී සොයාගත් සුන්බුන් 2014 මාර්තු මස අතුරුදහන් වූ මලයාසියානු ගුවන් යානයට අයත් ඒවා බව තහවුරු කර ගැනේ.
• අගෝස්තු 17 – තායිලන්තයේ බැංකොක්හි දේවස්ථානයක් තුල සිදුවූ බෝම්බ පිපිරීමකින් 20 දෙනෙකු මියගොස් 125ක් තුවාල ලබයි.
________________________________________
සැප්තැම්බර්

• සැප්තැම්බර් 10 – 
දකුණු අප්‍රිකාවෙන් හමු වූ ෆොසිල සාධක මගින් හෝමෝ නැලේඩිනම් වූ නව ආදි මානව විශේෂයක්‌ නම් කෙරේ.

• සැප්තැම්බර් 18 – 
2009 සිට 2014 දක්වා සිය වාහන වලින් පරිසරයට මුදාහැරෙන විෂ දුම් පිලිබඳ වාර්තා වංචනිකව සකස් කර ඉදිරිපත් කළ බවට ලෝ ප්‍රකට ෆොක්ස්වැගන් සමාගමට චෝදනා එල්ල වෙයි.

• සැප්තැම්බර් 24 – 
දොඹකරයක් කඩා වැටීම නිසා හජ් වන්දනාව සඳහා මක්කම බලා ගිය බැතිමතුන් 2200ක් පමණ මිය යයි. මෙහිදී 900කට අධික පිරිසක් තුවාල ලැබූ අතර තවත් 630 දෙනෙක් පමණ අතුරුදහන් විය.

සැප්තැම්බර් 28 – 
අඟහරු ග්‍රහයා මතින් ද්‍රව ජලය සොයාගත් බවට නාසා ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරයි.

සැප්තැම්බර් 30 – 
රුසියාව ISIS සංවිධානයට හා සිරියානු කැරලි කරුවන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අරඹයි.
________________________________________
ඔක්තෝබර්

• ඔක්තෝබර් 03 – 
ඇමරිකානු ගුවන් හමුදාව විසින් වැරදි ඉලක්කයකට එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ රෝහලක සිටි 20 දෙනෙකු මියයයි.

• ඔක්තෝබර් 10 – 
තුර්කියේ අන්කාරා නුවර පැවැත්වුණ සාමකාමී රැලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 100කත අධික පිරිසක් මියගොස් තවත් 400ක් පමණ තුවාල ලබයි.

• ඔක්තෝබර් 23 – 
පැට්‍රිෂියා සුළි කුණාටුව බටහිර අර්ධගෝලයෙහි වාර්තා වී ඇති ප්‍රබලතම සුළි කුණාටුව ලෙස වාර්තා වේ.

• ඔක්තෝබර් 26 – 
හින්දු කුෂ් කඳු ප්‍රදේශයේ ඇති වූ රිච්ටර් අගය 7.5 ක් වූ භූමිකම්පාවක් නිසා පුද්ගලයන් 800ක් පමණ මියයයි.

• ඔක්තෝබර් 31 – 
ශාන්ත පීටර්ස්බර්ග් කරා ගමන්කරමින් තිබූ එයා බස් A321 වර්ගයේ ගුවන් යානයක් ඊජිප්තුවේ සිනායි ප්‍රදේශයෙදි අනතුරට ලක්වී ගමන් ගත මගීන් 217 ක් හා කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු මියයයි.
________________________________________
නොවැම්බර්

නොවැම්බර් 07 – 
චීන ජනපති හා තායිවාන ජනපති අතර ප්‍රථම වරට නිල වශයෙන් හමුවක් පැවැත්වෙයි.

නොවැම්බර් 12 – 
ISIL සංවිධානය විසින් ලෙබනනයේ බීරූට් නුවර සිදු කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් හේතුවෙන් 43 දෙනෙකු මියගොස් 239 දෙනෙකු තුවාල ලබයි.

නොවැම්බර් 13 – 
ISIS සංවිධානය විසින් ප්‍රංශයේ පැරිස් නුවරට  එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාවක් නිසා 130ක් මියයයි.

නොවැම්බර් 24 – 
තුර්කි හමුදා විසින් සිය දේශසීමාව ආසන්නයට පැමිණි රුසියන් ගුවන් යානයක් බිම හෙලයි. මෙය 1950 වසරෙන් පසු නේටෝ සංවිධානයේ සාමාජික රටක් විසින් රුසියන් ගුවන් යානයක් විනාශ කළ ප්‍රථම වතාවයි.

නොවැම්බර් 30 – 
එක්සත් ජාතීන්ගේ පාරිසරික වෙනස්වීම් පිලිබඳ අන්තර්ජාතික සමුළුව ප්‍රංශයේදී ඇරඹේ. මෙයට රටවල් 147ක නායකයන් සහභාගී විය.
________________________________________
දෙසැම්බර්

• දෙසැම්බර් 22 – SpaceX සමාගම නිර්මාණය කල Falcon-9 රොකට්ටුව නැවතත් පොලොව වෙත සාර්ථකව ගොඩ බැස්වීමට හැකි වෙයි.

1 comment:

Think !

Life is cruel, sometimes you have a hard setback, injustices cannot happen. Don't lose faith..

Categories

ජය වේවා. Powered by Blogger.
Follow us on Facebook
Powered by: Internetsmash

Facebook

Popular Posts